ගම්මන්පිලට එරෙහිව මියගිය මහ බැංකු නිළධාරී රංග නිශාන්තගේ බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක් !

මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අකල් මරණය සැක සහිත බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ පළ කරන පිරිස් හේතුවෙන් තමා අපහසුතාවයට පත්ව ඇති බව සඳහන් කරමින් ඔහුගේ බිරිඳ විසින් ඊයේ (මැයි 6) කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ උදය ප්‍රභාත් ගම්මන්පිල ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ.

මේ අතර, ප්‍රකාශයක් ලබා දීම සඳහා උදය ප්‍රභාත් ගම්මන්පිල මැයි 8 වන දින කුලියාපිටිය පොලිසිය වෙත කැඳවා ඇති බව ද වාර්තා වනවා‍.

කෙසේ නමුත්, රංග නිශාන්ත මහතාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස උදය ප්‍රභාත් ගම්මන්පිල ද නම් කර ඇති අතර, ඒ අනුව ඔහුව එදිනට මරණ පරීක්ෂණය සඳහා අධිකරණයට කැඳවීමට නියමිත බවත්, එම මරණය සැක සහිත බව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද මෙලෙස මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස අධිකරණයට කැඳවීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *