අනුරාධපුරයේ වාර්තා වූ ළමා අපයෝජන සිද්ධියට සම්බන්ධ 15 හැවිරිදි දැරියගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිසිය පවසන පරිදි, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කටයුතු ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, දැරියගේ මවගෙන් සහ අනෙකුත් පාර්ශ්වවලින් ද ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.