මහා භාණ්ඩාගාරයෙන් අත-ුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ක මුදලෙන් යම් මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැංකු ගිණුමකට බැර වී ඇති බව සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මේ බව වාර්තා කර තිබෙන්නේ අද වෙළදපොලට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතයි.
අදාල මුදල අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන හා සම්බන්ධ ව සිටින ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකු පුවත්පත සමග මේ තොරතුරු පවසා තිබේ.
අදාල ගිනුමට, අත-ුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ක මුදලෙන් කොපමණ ප්‍රමාණයක් බැරවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.