මෙම වසරේ ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත ජනපද ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.
2026 අප්‍රේල් මාසයේ දී මෙරටට ගලා ආ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් 767.9ක් වන අතර ඒ සමඟම 2026 මුල් මාස 04 තුළ සමස්ත ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,062.8ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2025 වසරේ ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 24.5%ක වර්ධනයක් වේ.
කෙසේවෙතත් 2026 අප්‍රේල් මාසයේ දී ලද ප්‍රේෂණ ප්‍රමාණය 2026 මාර්තු මාසයේ දී ලැබුණු ඩොලර් මිලියන 514.8ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 5.75%ක පහළ යාමකි.