හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හෙට (12) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීම, වත්මන් රජය එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනාවා.
අද දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ, තිස් වසරක යුද්ධය නිමා කළ නායකයාට එරෙහිව එල්ල වන මෙම දේශපාලන පළිගැනීම් ජනතාව කිසිසේත් ඉවසා නොසිටිනු ඇති බවයි.
යුද්ධය ජයග්‍රහණය කළ සහ ප්රභාකරන් මියගිය මැයි මාසයේදීම මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස කැඳවීම පිටුපස පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවත්, මෙය අනුර කුමාර දිසානායක මහතා ප්රභාකරන් මියගිය පලිය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ගැනීමට දරන උත්සාහයක් බවත් ඔහු චෝදනා කළා.
මාලිමා රජය බලයට පැමිණියේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගෙන බවට පැහැදිලි චෝදනා පවතින බවත්, මෙම කැඳවීම එම පාර්ශවයන්ට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමේ කොටසක් බවත් ඔහු ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිවරයාගේ වයස සහ පවතින සෞඛ්‍ය ගැටලු නොසලකා හරිමින් සිදුකරන මෙම ක්‍රියාව මානුෂීය නොවන බවත්, මෙම කැඳවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාව අල්ලස් කොමිසම අසලට පැමිණීම වැළැක්විය නොහැකි බවත්, ඔහු පෙන්වා දුන්නා.
Source : News19