හරස් ප්‍රශ්න අහද්දී කපිල නැති එක අඩුවක් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේන මහතා මේ වන විට ජීවතුන් අතර නොසිටීම නීතිමය ක්‍රියාවලියට විශාල ගැටලුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (12) ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කපිල චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත වී සිටීම නඩු විභාගයට බලපෑමක් එල්ල කරන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, ඔහු මීට පෙර ලබා දුන් කටඋත්තර ලිඛිතව පවතින නමුත්, විත්තිය විසින් හරස් ප්‍රශ්න විමසන අවස්ථාවක සාක්ෂිකරු නොසිටීම බරපතළ තත්ත්වයක් බව එහිදී කියා සිටියා.

එමෙන්ම  තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නේ නම්, තමන් සියලු චෝදනාවලින් නිදහස් විය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා  පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *