ජොන්ස්ටන්ට එරෙහි දූෂණ නඩු තුනක සාක්ෂි එකවර විම­සීම කොළඹ මහාධිකරණයේදී සිදු කරයි

සතොස ආය­ත­නයේ සේව­ක­යන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජ­කා­රි­ව­ලින් බැහැ­රව දේශ­පා­ලන හා පෞද්ග­ලික කට­යු­තු­වල යෙද­වී­මෙන් රජ­යට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්ති­ක­රු­වන් තිදෙ­න­කුට එරෙ­හිව පවරා ඇති දූෂණ නඩු තුනක සාක්ෂි එක­වර විම­සීම ඊයේ (12දා) කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහා­යිල් මහතා ඉදි­රියේ සිදු විය.

සතොස හිටපු සභා­පති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂ මොහො­මඩ් සාකීර් නඩුවේ සෙසු විත්ති­ක­රු­වන් වේ.

ඊයේ (12දා) නඩුව කැඳවූ අව­ස්ථාවේ වරෙන්තු නිය­මව සිටි පැමි­ණිල්ලේ 12 වැනි සාක්ෂි­කරු වන එස්.පී. ජෝති­පාල යන අය අධි­ක­ර­ණ­යට භාර විය. නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා සාක්ෂි­කරු පසු­ගිය නඩු දින රෝගීව සිටි බව දැක්වෙන වෛද්‍ය වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය. ඒ අනුව වරෙන්තු ආපසු කැඳ­විණි.

අන­තු­රුව නඩුවේ 19 වැනි සාක්ෂි­කරු වන හිටපු හමුදා කෝප්‍ර­ල්ව­ර­යකු වන වික්‍ර­මා­ර­ච්චිගේ අශෝක යන අය සාක්ෂි දෙන ලදී. ඔහු කාල­යක් හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යකු ලෙස සේව­ය­කර ඇති අතර පසුව සතොස ආර­ක්ෂක අංශයේ සේව­යට බඳවා ගෙන ඇත. ඔහුට සතොස මඟින් වැටුප් ගෙවීම පිළි­බඳ පැමි­ණිල්ලේ සාක්ෂි විම­සීම කළ අතර පසුව හරස් ප්‍රශ්න විම­සීම ද සිදු විය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ 2010 – 2015 කාල­සී­මාව තුළ සතොස ආය­ත­නයේ සේව­ක­යන් 39 දෙනකු ඔවුන්ගේ නිල රාජ­කා­රි­ව­ලින් බැහැ­රව දේශ­පා­ලන හා පෞද්ග­ලික කට­යු­තු­වල යෙද­වී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර­මින් මෙම නඩු පවරා ඇත.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ගංගා හෙයි­ය­න්තු­ඩුව මහ­ත්මිය සමඟ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් වසන්ත පෙරේරා මහතා පැමි­ණිල්ල මෙහෙය විය. විත්තිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ දමින්ද අතු­කෝ­රල යන මහ­ත්වරු පෙනී සිටි­යහ. නඩුව ලබන ජූනි 16දා යළි කැඳවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *