“හිරගෙදරත් කියන්නෙ ඊළඟ ජනාධිපති නාමල් රාජපක්ෂ තමයි කියලා” යනුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බන්ධනාගාර තුළ පවා නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව දැඩි කතාබහක් පවතින බවයි. “හිරගෙදර ප්රවෘත්ති යද්දිත් කියනවා ඊළඟට එන්නෙ එයා තමයි කියලා” යනුවෙන් ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගනිමින් සිදුකරන බව කියන දේශපාලන පළිගැනීම්වලට තමන් බිය නොවන බව අවධාරණය කළ ප්‍රනාන්දු මහතා, “අපි සටනේ ඉන්නේ, හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ, අපි ඒ භීෂණයට ඔළුව නමන්නේ නෑ” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.