ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපතිවරයාට වෙන් කර තිබූ සුඛෝපභෝගී BMW මෝටර් රථය රුපියල් මිලියන 30කට අලෙවි කර, එම මුදලින් කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස් රථ දෙකක් මිලදී ගෙන තිබේ.
දිනමිණ පුවත්පත වාර්තා කරන ආකාරයට, වත්මන් සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා විසින් මෙම BMW රථය භාවිත නොකිරීමට තීරණය කර ඇත්තේ එහි ඉහළ නඩත්තු වියදම් සහ අධික ඉන්ධන පරිභෝජනය හේතුවෙනි.
ඒ අනුව නව පාලනාධිකාරිය යටතේ මෝටර් රථය අලෙවි කර, ලැබුණු මුදල් සේවක සුබසාධනය වෙනුවෙන් යොදවා ඇත.
ඉන් එක් බස් රථයක් රුපියල් මිලියන 19ක් වටිනා බව වාර්තා වේ. සභාපති ඩී.ජේ. රාජකරුණා මහතාගේ නායකත්වය යටතේ මෙම බස් රථ දෙක මෙම සතිය මුලදී සේවකයින් වෙත භාර දී ඇත.