ප්‍රසව වේදනාව දැනී රුධිරය ගලද්දිත් දොස්තර කෙනෙක් මාව බලන්න ආ​වේ නෑ – වර්ජනය දවසේ රෝහලේ දරුවා මිය යෑම ගැන මව කියයි

වෛද්‍ය­ව­රුන් කියන්නේ මිහි­පිට දෙවු­වරු ලෙස සිතලා තමයි දුප්පත් අපි රජයේ රෝහ­ලට ප්‍රති­කාර ගන්න යොමු වෙන්නේ. නමුත් මුද­ලට කෑදර වෙලා වර්ජ­න­යට මුවා වී පෞද්ග­ලික රෝහ­ලක සිටි­මින් වාට්ටු­වට ඇවිත් මාව බැලුවේ නැති නිසයි මට මගේ කුලු­ඳුල් දරුවා නැති වුණේ.

කඳුළු පිරි දෙනෙ­තින් යුතුව ත්‍රිකු­ණා­ම­ලය කප්ප­ල්තු­රය ගම්මා­නයේ පදිංචි 27 හැවි­රිදි සත­හ්‍ය­සී­ලන් නිලක්ෂිකා මහ­ත්මිය දිණ­මි­ණට පැව­සු­වාය.

ඉකුත් අප්‍රේල් 09 වනදා ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහ­ලේදී වෛද්‍ය වර්ජ­න­යට මුවාවී පෞද්ග­ලික රෝහ­ලක ප්‍රති­කාර කර­මින් සිටි ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂ වෛද්‍ය (ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහලේ රජයේ වෛද්‍ය නිල­ධාරි සංග­මයේ සභා­පති) ඕ.වී.ජී.එල්. වීර­සේන හා එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවා­සික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සිය­ඹ­ලා­පි­ටිය යන වෛද්‍ය­ව­රුන්ගේ නොසැ­ල­කි­ලි­ම­ත්කම හේතු­වෙන් ප්‍රසව වේද­නා­වෙන් සිටි මවගේ බිලිඳා මිය­යාම සම්බ­න්ධ­යෙන් සැබෑ තතු හෙළි­කර ගැනී­මට සිදු වීමට මුහුණ පෑ මවු­පි­යන් සොයා ත්‍රිකු­ණා­ම­ලය, කප්ප­ල්තු­රය ගම්මා­න­යට අපි ගිය අව­ස්ථාවේ වැඩි­දු­ර­ටත් අප හා අද­හස් දැක්වූ එම මව මෙසේද පැව­සු­වාය.

රෝහ­ලට ඇතු­ළත් වුණ වෙලාවේ ඉඳලා හත්අට වතා­වක් මට අමා­රුයි කියලා කිවුවා. ප්‍රසව් වේද­නාව තදින්ම දැනෙන බව කිවුවා. කොන්ද අත­පය වේදනා බව කිවුවා. මගේ යෝනි මාර්ග­යෙන් රුධි­රය සමඟ දිය පිට­වෙන බව පැව­සුවා. වාට්ටුවේ කනිෂ්ඨ වෛද්‍ය­ව­රයා අනෙක් මවු­ව­රුන් බලලා ඇවිත් මාව බල­න­කම් වාට්ටුවේ කිසිම කෙනෙක් මාව බැලුවේ නෑ. රෝහ­ලට ඇතු­ළත් කළ වේලාවේ ප්‍රසව හා නාරි­වේදී විශේෂ වෛද්‍ය නිල­ධාරි පරීක්ෂා කරලා සීසර් කළා­නම් මගේ දරුවා බේරා ගන්න තිබුණා, යනු­වෙන් කඳුළු පිරි දෑස් පිස­මින් ජංගම දුර­ක­ත­නය තුළ පැවති බිලිඳු දරු­වාගේ ඡායා­රූ­පය පෙන්නු­වාය.

අප්‍රේල් 08 වනිදා උදේ ඉඳ­ලාම මට අමාරු වුණා. පස්සේ අම්මා මාව ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහ­ලට දහ­වල් එක්ක­ගෙන ගියා. මාව ප්‍රසව වාට්ටුවේ දහ­වල් 1.45 ට විතර නැවැ­ත්තුවා. කනිෂ්ඨ වෛද්‍ය­ව­ර­යෙන් සාමාන්‍ය විදි­හට මාව බැලුවා. තව දින තියෙ­නවා ඒ නිසා විවේක ගන්න කියලා ඇඳක් ලබා දුන්නා. මට ගොඩක් අමා­රුයි කියලා මම වාට්ටුවේ හෙදි­ය­න්ටත් පවුල් සෞඛ්‍ය නිල­ධා­රි­නි­ය­ටත් කිවුවා. ඒ අය කිවුවේ වෛද්‍ය­ව­රුන් තමා බලන්න ඕන වී.ඕ.ජී. මහ­ත්ත­යාට කියන්න කෝල් කරලා කියන්න කියලා. පස්සේ හවස ලෙඩ්ඩු බලන වේලාවේ අම්මා ආවා. මම අම්මට කිවුවා. මට අමා­රුයි කියලා. අම්මත් ගිහින් වාට්ටුවේ දොස්තර මහ­ත්ත­යාට කිවුවා. එයාලා කිවුවේ පළ­මු­වෙනි බබානේ. එහෙම තමා තව කල් තියෙ­නවා කියලා. මට ආපහු රෑ 09.00 ට අමාරු වුණා. මගේ ඇඳට තියලා බෙල්ට් එකක් දාලා තිබ්බා. මට කොන්ද අමාරු වුණා. මම කොච්චර කිවු­වත් කිසිම වෛද්‍ය­ව­ර­යෙක් ඇවිත් බැලුවේ නෑ. දොස්ත­රලා වැඩ වර්ජ­න­යක් කියලා වාට්ටුවේ අය කිවුවා.

09 වනිදා උදේ 06.00 ට විතර අම්මා මගේ මහ­ත්තයා මාව බලන්න ආවා. මම අමා­රු­වෙන් ඉන්නේ සීසර් කරලා හරි බබාව ගමු කියලා මහ­ත්තයා වාට්ටුවේ වෛද්‍ය­ව­ර­යාට කිවුවා. 07.00 වෙද්දී ලෙඩ්ඩු බලන වෙලාව ඉව­රයි කියලා අම්මා­වයි මහ­ත්ත­යා­වයි වාට්ටු­වෙන් යන්න කිවුවා. පස්සේ උදේ මට ගොඩක් ලේ යනවා කියලා මම කිවුවා. එත­කොට තමයි මාව ඇද­ගෙන හිටපු ඇඳුම් පිටින්ම සූති­කා­ගා­ර­යට අරන් ගියේ.09 වෙනිදා උදේ 09.54ට මට බබා ලැබුණා. මට බබාව පෙන්නුවේ නෑ. බබා අරන් පවුල් සෞඛ්‍ය සේවි­කාව දුවලා ගියා. හවස 04.00 වෙන­කම් මාව සූති­කා­ගා­රයේ තියන් හිටියා. බිලිඳා ප්‍රසූත කළ නිල­ක්ෂිකා මහ­ත්මි­යගේ මව වන 46හැවි­රිදි සත­හ්‍ය­සී­ලන් සෙල්ව­රාණි මහ­ත්මිය අප සමඟ මෙම සිදු­වීම පිළි­බ­ඳව දැක්වූයේ මෙවන් අද­හ­සකි.

මගේ දුව විවාහ වෙලා අවු­රුදු දෙකක් වෙනවා. බෑනා කොළඹ ප්‍රදේ­ශයේ පික්මී කුලී කාර් ආය­ත­න­යක් කර­නවා. දුවත් බෑනා එක්ක කොළඹ පදිං­චි­වෙලා හිටියේ. අපේ පවු­ල්වල සිරි­ත්ව­ලට අනුව කුලු­ඳුල් දරුවා අම්මාගේ ගෙදර ඉඳලා ඉප­දෙන්න ඕන කියලා තමයි ත්‍රිකු­ණා­ම­ලය අපේ ගෙදර ආවේ. දුවව රෝහ­ල්ගත කළ අව­ස්ථාවේ දී වෛද්‍ය­ව­රුන් නිසි ප්‍රති­කාර ලබා දීලා දරුවා බිහි වෙන්න කට­යුතු කළා­නම් දරුවා මිය­යන්නේ නෑ. සම්පූර්ණ වැරැද්ද වී.ඕ.ජී. මහ­ත්තයා සහ නේවා­සික වෛද්‍ය නිල­ධාරි දෙන්නා­ගේ­මයි. අපි 09 වෙනිදා දවල් රෝහ­ලට ගියා. දුව වාට්ටුවේ නැති නිසා අපි කෝ කියලා ඇහුවා. හෙද නිල­ධා­රි­නිය කිවුවා රෝහල් පොලී­සි­යට ගිහින් අහන්න. දරුවා නැති­වුණා කියලා. අපි දුවව බලන්න ඉල්ලු­වත් ඉඩ දුන්නෑ. පස්සේ චීන­ව­රාය පොලී­සි­යෙන් ඇවිත් තමයි අපිට දුව බලන්න දුන්නේ. මරණ පරී­ක්ෂ­ණ­යේදී කිවුවේ හම්බ­වුණු දරු­වාට මල අප­ද්‍රව්‍ය කුසට ගිහින් තමා මිය­ගොස් තියෙන්නේ. රසා­ය­නා­ගාර පරී­ක්ෂ­ණ­ව­ලින් පස්සේ හේතුව කිය­න්නම් කියලා.

වෛද්‍ය­ව­රුන්ගේ නොසැ­ල­කි­ල්ලෙන් තමා මේ අප­රා­ධය සිදු වුණේ. මේ වගේ දෙයක් නැවත වෙන කාට­වත් නොවෙන්න ඕන. අපි ඉල්ලන්නේ රජ­යෙන් ලක්ෂ ගණන් මහ­ජන් මුද­ලින් වැටුප් ලබන මේ රජයේ වෛද්‍ය­ව­රුන් පෞද්ග­ලික රෝහ­ලක සේවය කිරීම සම්පූ­ර්ණ­යෙන් නව­ත්වන්න. මේ වගේ යක්ෂ­යන්ට කිසි­දාක ලෝකයේ කොහේ­වත් නැවත වෛද්‍ය වෘත්තීය කරන්න බැරි වෙන්න තහ­නම් කරන්න කියලා.

මේ වන විට මේ සම්බ­න්ධ­යෙන් පූර්ණ පරී­ක්ෂ­ණ­යක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් සිදු කර ඇති අතර, රාජ­කාරි කාල සීමාව තුළදී සේවය පැහැ­ර­හ­රි­මින් පෞද්ග­ලික රෝහ­ලක සේවය කර­මින් විනය විරෝධි විෂ­මා­චාර ක්‍රියා­වන් හේතු­වෙන් එම වෛද්‍ය­ව­රුන්ගේ සේවය තහ­නම් කිරී­මට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පිය­වර ගෙන ඇත.

එවන් පසු­බි­මක ඉතා නිර්ල­ජ්ජිත අයු­රින් එම වෛද්‍ය නිල­ධා­රීන් දෙදෙනා රැක ගැනී­මට වෘත්තීය සග­යන් දරන උත්සා­හය පිළි­කු­ලෙන් හෙළා දකි­මින් නීති­මය දඬු­වම් මෙම වෛද්‍ය­ව­රුන් දෙප­ළට ලබා දිය යුතු බව පව­ස­මින් නිල­ක්ෂිකා මහ­ත්මිය හා පවුලේ නෑදෑ­යන් ඉකුත් 13 වැනිදා ත්‍රිකු­ණා­ම­ලය පොලිස් අධි­කාරි කාර්යා­ල­යට පැමි­ණි­ල්ලක් ගොනු­කි­රී­මට පිය­වර ගත් අතර, පොලිස් අධි­කාරි කාර්යා­ලය මඟින් ත්‍රිකු­ණා­ම­ලය වරාය පොලී­සිය වෙත අදාළ පැමි­ණිල්ල ගොනු කිරීම සඳහා ඔවුන් යොමු කරන ලදි. ඒ අනුව වරාය පොලී­සි­යට පැමි­ණි­ල්ලක් ගොනු කර ඇත.

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් සම්බ­න්ධී­කා­රක රොෂාන් අක්මී­මන මහ­තාද මේ සම්බ­න්ධ­යෙන් අප­ක්ෂ­පා­තීව පරී­ක්ෂණ කර­න්නැයි පොලී­සි­යට හා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් ඉල්ලී­මක් කර ඇත.

ත්‍රිකු­ණා­ම­ලය මහ රෝහලේ මෑත කාලයේ මෙවන් බිලිඳු මරණ හයක් වාර්තා වී ඇති බව රෝහල් හදිසි මරණ පරී­ක්ෂක කාර්යා­ලීය සට­හ­න්ව­ලින් පැහැ­දිලි වන බැවින් මේ සම්බ­න්ධ­යෙන් නිසි පිය­වර ගන්නා ලෙස බල­ධා­රී­න්ගෙන් ප්‍රදේ­ශ­වා­සී­හුද ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *