තමන්ට ද ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා ලැබෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත් අබේසිංහ මහතා අනාවරණය කරයි.
ඔහු කියා සිටියේ, “මටත් කතාකරනවා ආණ්ඩුවට එන්න කියලා. මම තාම අවුරුදු එකහමාරයි සජබට ඇවිල්ලා. ව්‍යාපාරිකයින් හරහා හරි වෙන කොහොමහරි මටත් පණිවිඩ එවනවා, ඇයි මල්ලි බැරි ආණ්ඩුවත් එක්ක එකතුවෙලා වැඩ කරන්න අහලා” යනුවෙනි.
සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීමට දැඩි උත්සාහයක් පවතින බව පෙන්වා දුන් අබේසිංහ මහතා, එය තම පක්ෂයේ ශක්තියට සාක්ෂියක් බව ද පැවසීය. “අපිට ආඩම්බරයි. අපි කිව්වා නේ අපිත් එක්ක තමයි හොඳම කණ්ඩායම ඉන්නෙ කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.