ගල් අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මමත් ගල් අඟුරු කොමිසමට යන්නෙ නෑ. කොමිසමට අලුතින් පරීක්ෂණ කරන්න දෙයක් නෑ” යනුවෙනි.
මෙම විමර්ශනය අනවශ්‍ය බව පෙන්වා දුන් බණ්ඩාර මහතා, “ටිල්වින් සිල්වා මහත්තයා වාර්තාව ඉදිරිපත් කරා නේ. ඒ නිසා අපි ගිහින් සාක්ෂි දෙන්න දෙයක් නෑ. අපි යන්නේ නෑ” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.