IMF එක මාත් එක්ක කතා කරන්න එන්නේ නෑ, ඒගොල්ලෝ මම කියන දේ අහන්න කැමති නැහැ – සජිත් ප්‍රේමදාස

රජය ගොවි ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දුන් බව ප්‍රකාශ කළද, එය මහ පොළොවේ සත්‍යයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගොවි ජනතාව හමුවෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ගොවීන්ට ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ නොලැබෙන බව සහ පොහොර නියමිත වේලාවට නොලැබෙන අතර, ඒවායේ මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ලංකාවේ ගොවිතැන අසාර්ථක වී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කර ඇති බවත්, වත්මන් රජයට ‘ටයි – කෝට්’ ඇඳගත් පසු රෙද්ද සහ බැනියම හෝ සරම සහ කමිසය අඳින සාමාන්‍ය ගොවියා අමතක වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ගොවියාගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ සහ වේදනාවට රජයෙන් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජය සමඟ සාකච්ඡා කළද, තමන් සමඟ සාකච්ඡා නොකරන බවත් ඔහු සඳහන් කළා. 

එසේම තමන් පවසන දේ පිළිපැදීමට ඔවුන් සූදානම් නොමැති බවයි ඔහු කියා සිටියේ.

තමා සැමවිටම ගොවියා, ධීවරයා, දුප්පත් ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් පෙනී සිටින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ප්‍රතිපත්තියට අකැමති වීම ඊට හේතුව බවයි සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *