ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවමක් නියම කර තිබේ.
හලාවත මහධිකරණය විසින් අද (15) එම නියෝග දුන් බව වාර්තාකරු පැවසීය.
මීට අමතරව, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර ඇත. එම ලක්ෂ 10 නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද හලාවත මහධිකරණය විසින් නියම කර තිබේ.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.
කෙසේ වෙතත්, සනත් නිශාන්ත මහතා 2024 ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වීම හේතුවෙන්, අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණි.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ, සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.