ගල් අඟුරු කොමිසමට යන්න සියලු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
මේ සතියේ සිට කොමිසමට යන්න පටන් ගන්න බවද රහුමාන් මහතා කීය.
මුජිබුර් රහුමාන් මහතා මේ බව පැවසූයේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනි.
“අපි කොමිසමට ගියත් නැතත් විගණකාධිපතිවරියගේ පැහැදිලි වාර්තාවක් තිබෙනවා.ගල් අඟුරු ගනුදෙනුව දූෂිත බව එහි කියනවා.ගල් අඟුරු කොමිසමට ඒ වාර්තාව බැලුවොත් ප්‍රමාණවත්.ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් අදාල ගල් අඟුරු බාල බවට වාර්තාවක් ලබා දී තිබෙනවා.මේ කොමිසම ඒ වාර්තා ටික අරගෙන බැලුවොත් ඇත්තටම අපි ඒකට යන්න ඕනත් නෑ.
අපි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිල්ලක් දාල තියෙනවනේ.එතකොට ගල් අඟුරු කොමිසමක් දැම්මේ මොකටද?ජනාධිපති කොමිසමක් දැම්මේ මේ කරපු හොරකම යට ගහන්න.
ජනාධිපතිතුමාගේ කැබ් එකේ පයිල් හාරසිය ගාණක් තිබුණනේ.ඒ ෆයිල් අතර ඔය ගල් අඟුරු හොරකම ගැන ෆයිල් එක තිබුණේ නැද්දැයි මුජිබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.