පල්ලේගම හේමරතන හිමිගේ නඩුවට මැදිහත් වෙන්න – ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිතීපතිගෙන් ඉල්ලයි

බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පල්ලේගම හේමරතන හිමිට එරෙහිව පවතින නඩු කටයුත්තට මැදිහත් වන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම නඩුව කෙරෙහි සැලකිය යුතු මහජන අවදානයක් ලැබී ඇති බැවින්, නඩුවට අදාලව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අදාල පාර්ශ්වයන්ට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අපයෝජනයට ලක් වූ දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ඇයට යුක්තිය ඉටු කරලීම සදහා තමන් කැපවී සිටින බවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

අපයෝජන චෝදනා එල්ල වී තිබෙන පල්ලේගම හේමරතන හිමි ලබන විසි දෙවන දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *