ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා සහ ලේකම් දේවජිත් සායිකියා ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව කොළඹදී හමුවී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) පරිපාලනයේ අනාගත දිශානතිය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡා මධ්‍යයේ මෙම හමුව සිදුව ඇත. ICC නියෝජිතයින් SLC මූලස්ථානයේදී අලුතින් පත්කළ SLC පරිපාලනයේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇත.