පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ‘සලේ’ නමැත්තා බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඔහුව මෙහෙයවූ පුද්ගලයින් ද මේ වනවිට සොයමින් සිටින බවත්, මෙම අපරාධයට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවීමට ඉඩ නොතබන බවත් නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයක් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.