ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසනවා.
කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතිය ද ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.
වැඩකරමු රට හදමු ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ වාර්ෂික මහ සමුළුව කොටිකාවත්තේදී පැවැත්වුණා.
ඊට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලෙයාස් මහතා කියා සිටියේ රටේ තෙල් සංචිත වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව බවයි.
ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දන සූරියආරච්චි මහතා මෙහිදී පත් කර ගැනුණා.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රංවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.