පොළොන්නරුව චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදී ප්‍රථම වරට සාර්ථක ළමා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුව, මෙම සැත්කම පසුගිය මැයි 7 වනදා 15 හැවිරිදි වියේ පසුවන දරුවෙකු වෙනුවෙන් සිදු කර ඇත. ඒ සඳහා වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම දරුවාගේ පියා විසින් බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.