ලෝක ආර්ථිකයේ පවතින විවිධ අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කිසිසේත්ම පසුබෑමකට ලක් නොවන බවත්, යම් වේගයකින් අඛණ්ඩව ඉදිරියටම ගමන් කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ගෙවීගිය අර්බුදකාරී සමයේදී රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන මට්ටමක පැවති නමුත්, වත්මන් ප්‍රතිසංස්කරණ හමුවේ එම තත්ත්වය මුළුමනින්ම පාලනය කර ඇති බවයි.
“ලෝක ආර්ථිකයේ බලපෑම් නිසා අපිට යම් පරිස්සමකින් තමයි දැන් ඉදිරියට යන්න වෙලා තියෙන්නේ. නමුත් මේක ආර්ථිකය කඩාගෙන වැටෙන අවස්ථාවක් නෙවෙයි. බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙමින්, අඩු වේගයකින් වුණත් රටේ ආර්ථිකය ඉදිරියටම යනවා මිසක් ආර්ථිකයේ හැකිලීමක් වෙන්නේ නැහැ.” – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ