ආණ්ඩුව අවු.05ක් සිටිය යුතුයි,සුන්බුන් විපක්ෂය බලයට එනවට විරුද්ධයි – සරත් ෆොන්සේකා

වත්මන් රජය තමන්ට හිමි සම්පූර්ණ වසර පහක කාලය පුරාවටම බලයේ රැඳී සිටිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රූපවාහිනි නාලිකාවක පැවැත්වුණු සාකච්ඡා වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවට යම් හෙයකින් බලය අහිමි වුවහොත්, නැවත වරක් බලයට පත්වන්නේ මීට පෙර රට පාලනය කළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ම බවයි.

එසේ පැරණි කණ්ඩායම් නැවත බලයට පැමිණීම සිදු වුවහොත් රට නැවතත් පෙර පැවති අර්බුදකාරී තත්ත්වයටම ඇද වැටීම වැළැක්විය නොහැකි බවත්, එම නිසා වත්මන් රජයට සිය පාලන කාලය ඉදිරියට ගෙන යාමට ඉඩ දිය යුතු බවත් එතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *