බැඳුම්කර වංචාවට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ නඩුව විභාග කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය කළ නියෝගය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව චූදිතයන්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නඩුව පවත්වා ගෙන යා හැකි බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව කඩිනමින් විභාග කරන ලෙස නියෝග කළේය.