අභි­නව නිව­හල් පෙර­මුණේ නායක අමිත් වීර­සිංහ කෝටි 10ක් වංචා කර ඇති බව අනාවරණය වෙයි

අභි­නව නිව­හල් පෙර­මුණේ නාය­කයා ලෙස පෙනී සිටි­මින් කබානා ඉදි­කි­රීමේ ව්‍යාපෘ­ති­යක් වෙනු­වෙන් මුදල් එකතු කර එම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක නොකි­රීම සම්බ­න්ධ­යෙන් මුදල් ලබා­දුන් පුද්ග­ල­යන් කළ පැමි­ණිලි මත අත්අ­ඩං­ගු­වට ගත් අමිත් වීර­සිංහ නමැති අය රුපි­යල් කෝටි 10ක පමණ මුද­ලක් වංචා කර තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී තිබෙන බව තෙල්දෙ­ණිය පොලී­සිය පව­සයි.

ව්‍යාපෘ­තිය සඳහා මුදල් ආයෝ­ජ­නය කළ පුද්ග­ල­යන් 18 දෙනකු මේ වන ­විට පොලී­සි­යට පැමි­ණිලි ඉදි­රි­පත් කර තිබෙන අතර අදාළ මුදල් මාස තුනක් තුළ පැමි­ණි­ලි­ක­රු­වන්ට යළි ලබා දීමට අමිත් වීර­සිංහ මහතා අධි­ක­ර­ණයේ දී එක­ඟ­තාව පළ­කර තිබේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් තෙල්දෙ­ණිය පොලී­සිය මඟින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් අමිත් වීර­සිංහ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි අතර ඊයේ (02) නඩුව කැඳවූ අව­ස්ථාවේ අදාළ මුදල් ගෙවන බවට ඔහු නීති­ඥ­යින් මඟින් අධි­ක­ර­ණ­යට දැනුම් දී ඇත.

සෑම ඉරිදා දින­කම පෙර­වරු 10.00ත් දහ­වල් 12.00ත් අතර තෙල්දෙ­ණිය පොලී­සියේ විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කයේ පෙනී සිටින ලෙසද අධි­ක­ර­ණය මඟින් අමිත් වීර­සිං­හට නියෝග කර තිබේ.

විදෙස් ගමන් තහ­න­මක්ද අධි­ක­ර­ණය මඟින් ඔහුට පනවා තිබෙන අතර අගෝස්තු මස 03 වැනි දින යළි නඩුව කැඳ­වී­මට නිය­මි­තය. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලි­ස්පති සුදත් මාසිංහ මහ­තාගේ උප­දෙස් මත තෙල්දෙ­ණිය පොලිස් මූල­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.ඩී. චන්ද්‍ර­පාල මහතා ඇතුළු කණ්ඩා­ය­මක් සිද්ධිය සම්බ­න්ධ­යෙන් විමා­ර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *