රටේ සමස්ත ජනතාවට මේ වන විට වත්මන් ජනාධිපතිවරයාව සම්පූර්ණයෙන්ම එපා වී ඇති බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි
වත්මන් පාලනය විසින් අනුගමනය කරනු ලබන දේශපාලන ක්‍රියාපිළිවෙත් දැඩි ලෙස විවේචනය කරමින් ඔහු කියා සිටියේ, පාලකයන් විසින් මේ වන විට සිදු කරමින් සිටින්නේ රටේ පොදු ජනතාව මුළා කරමින් “ගොනාට ඇන්දවීමේ” ක්‍රියාවලියක් බවයි.
වත්මන් රජයේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දැඩි අප්‍රසාදය පෙන්වා දෙමින් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ, වත්මන් පාලකයන් කට ඇරියොත් පවසන්නේ අමූලික බොරු බව රටේ ජනතාවම මේ වන විට ප්‍රකාශ කරමින් සිටින බවයි