ශ්‍රී ලංකාවේ ණය බර 105% සිට 95% දක්වා පහත බැස ඇති බව මහ බැංකු අධිපති කියයි

දැනට ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සාධනීය තත්ත්වයන් හේතුකොට ගෙන දෙස් – විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රාජ්‍ය ණය කළමනාකරණය යහපත් නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය බර 105% සිට 95% දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබෙන විස්තීර්ණ ණය පහසුකම් ලබන වසරේ අවසන් වේ. නැවත ජාත්‍යන්තර අරමුදලෙන් ණය පහසුකමක් ලබාගැනීමට රජය කටයුතු කරනවාද? නැද්ද? යන්න පැවසීම දැන්ම සිදු කළ නොහැකි බව මහ බැංකුවේ අධිපතිවරයා කීය. දැන් වුවත් ශ්‍රී ලංකාවට විදේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් ණය පහසුකම් ලබාගැනීමට හැකියාව ඇත. ණය තිරසරභාවය පිළිබඳව සැලකිය යුතු ලෙස විශ්වාසයක් ගොඩනැඟී ඇතැයි ද ඔහු පැවසීය.

ණය ලබාගැනීම නොකිරීමට වඩා ණය ලබාගෙන වත්කම් ගොඩනඟා ගැනීම ඵලදායී වේ. දූෂණය, නාස්තිය, අධික පොලී ගෙවීම් වළක්වා රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට ලබාගන්නා දෙස් විදෙස් ණය උපරිමයෙන් යොදා ගැනීම බලධාරීන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේ යැයි ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *