රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා මේ වන විට මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් තවත් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ
සුරේෂ් සලේ මහතා දැඩි මානසික හා ශාරීරික කඩා වැටීමකට ලක්ව ඇති අතර, ඔහු රඳවා තබාගෙන සිටින ස්ථානය තුළ ආහාර ගැනීමෙන් වැළකී සිටින බව ඔහු පවසයි
මෙම තත්ත්වය හමුවේ නිහඬව සිටින පොදු මහජනතාවගෙන් සහ සිවිල් සමාජයෙන් උදය ගම්මන්පිල මහතා දැඩි ලෙස ඉල්ලා සිටින්නේ සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් වන ලෙසයි
“ජනතාවනි, ඔබේ හෘද සාක්ෂිය මිය ගිහින්ද!. ඔහු වෙනුවෙන් හඬ අවදිකරන්න ඔබට බැරිනම්, ඔබ ජීවත් වුණත් මළ මිණියක් වැනිය. ඔබට ජීවිතය දුන්නු සලේ වෙනුවෙන් හඬ අවදි කරන්න.”
රට ත්‍රස්තවාදයෙන් සහ විවිධ අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට මීට පෙර සුවිශේෂී දායකත්වයක් දැක්වූ ආරක්ෂක ප්‍රධානියෙකු වෙනුවෙන් සමාජය වගකීමෙන් යුතුව හඬ නැඟිය යුතු බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් වැඩිදුරටත් අවධාරණය කෙරේ