අට්ටාල දාහක් ගැහුවත් විමර්ශන නතර කරන්නේ නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

සුරේෂ් සලේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ සාමාන්‍යයෙන් රැඳවුම් භාරයේ සිටින අයෙකු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන් බවත්, විශේෂයෙන් ඔහු සම්බන්ධයෙන් වධහිංසා පැමිණවීම් සිදුකර නොමැති බවත්, කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට රැඳවුම් භාරයේ සිටියදී ඔහුට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව ඊයේ (09දා) කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේය.

පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ද කටයුතු කර ඇති බවත්, කිසිදු විශේෂත්වයක් නැති බවත් ඔහු අවධාරණය කළේය.

අට්ටාල එකක් නොවේ දහසක් ගැහුවත් මේ පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්‍ෂණ නතර නොකරන බවත්, තමන් නිර්දෝෂී නම් කළ යුත්තේ පරීක්‍ෂණවලට සහයදීම බවත් ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *