භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා වන විට රුපියල් බවට පත් කරගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව, අපනයනකරුවන් ඕනෑම මාසයක උපයන අපනයන ආදායම, ඊළග මාසයේ දහ වන දා ට පෙර රුපියල් බවට පත්කර ගැනීම අනිවාර්ය වේ.
මහබැංකු අධිපතිවරයා විසින් මීට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.