පවතින ජනතා අප්‍රසාදය සහ ආර්ථික පීඩනය හමුවේ තව මාස තුනක් හෝ හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත නව අරගල රැල්ලක් මතු වීම වැළැක්විය නොහැකි බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටී.
පසුගිය අරගලයේදී ඇතැම් පිරිස්වලට බේරේ වැවෙන් නෑමට සිදු වූවා සේ, මෙවර ජනතා නැඟිටීම හමුවේ වත්මන් බලධාරීන්ට ඊටත් වඩා වෙනස් සහ බරපතළ ස්ථානවලින් “නාන්නට” සිදුවනු ඇතැයි ඔහු වක්‍රෝක්තියෙන් ප්‍රකාශ කරයි.