හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා පිරිසක් සූදානමින් සිටින බවට බුද්ධි අංශ මඟින් දැනුම් දුන් බව, පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
වෘත්තීය සමිති නායකයින් පිරිසක්, කටුවාපිටියේ පාස්කු වින්දිතයන් ලෙස කලහකාරීව හැසිරීමට පැමිණීමේ සූදානමක් ඇති බවට එමඟින් දැනුම් දුන් බවයි අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මෙය පාස්කු වින්දිතයින් සිදු කරන දෙයක් නොවන බවත්, පාස්කු වින්දිතයන් ලෙස රඟපෑමට උත්සාහ කරන ‘බංකොලොත් පච මාලිමාවේ’ තවත් එක ‘පච ව්‍යාපෘතියක්’ බවත් ඔහු සඳහන් කළා.
යුක්තිය ඉටු වීමට අවශ්‍ය නම් සිදු විය යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාම වන බවත්, සහරාන්ට පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සහයෝගය ලබා දුන් රවී හා ශානි දැන් සිටින්නේ පොලිසියෙහි බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.