KFC එකෙන් හරි කෑම ගෙනත් දීලා, හොඳම විදියට සලේගෙන් ප්‍රශ්න කරන්න. ඒක අපිට ගැටළුවක් නෑ – වසන්ත මුදලිගේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බන්ධනාගාර තත්ත්වය සහ ඔහුට ලබාදෙන ආහාර පිළිබඳව දේශපාලන ලෝකය තුළ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

සුරේෂ් සලේ මහතාට මානුෂීය ලෙස සැලකිය යුතු බව පිළිගන්නා අතරම, ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සැබෑ ඛේදවාචකය නිර්මාණය කළේ සලේ මහතා නියෝජනය කළ දේශපාලන කණ්ඩායම් විසින්ම බව ඔහු පෙන්වා දෙයි.

සුරේෂ් සලේ මහතාට KFC එකෙන් හෝ කෑම ගෙනත් දී, හොඳම විදිහට ප්‍රශ්න කිරීම තමන්ට ගැටලුවක් නොවන බවත්, සිරකරුවෙකු ලෙස මෙන්ම මනුෂ්‍යයෙකු ලෙස ඔහුට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දිය යුතු බවත් ඔහු පවසයි.

ලංකාවේ හිරගෙවල්වල “සිරකරුවෝද මනුෂ්‍යයෝය” කියා තාප්පවල ගසා තිබුණද, තාප්පයෙන් ඇතුළට ගිය පසු සිරකරුවන්ට සලකන්නේ බල්ලන් බළලුන් ගාණට බව ඔහු අතීත අත්දැකීම් සිහිපත් කරමින් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *