ආනන්ද විජේපාල පොලිස් ඇමති හැටියට ඉන්න එක රටට හෙනයක් – චාමර සම්පත් කියයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිදු කරන ප්‍රකාශ නොගැළපෙන බවත්, ඔහු පොලිස් අමාත්‍යවරයා වශයෙන් පත්වීම රටට සාපයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි විශාල පිරිසක් විසින් සිදු කරන සුරේෂ් සලේ වෙනුවෙන් වූ සත්‍යග්‍රහය සඳහා රට වෙනුවෙන් සියලු දෙනා එක් විය යුතු බවයි අද (10) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සහරාන්ගේ බෝම්බ පිපිරීම් ගැන තමා නොදන්නා බවත්, සුරේෂ් සලේට සිදු වූ අසාධාරණය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *