චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company – CHEC) සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් සමග හමුවකට අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බවට මෙහිදී ප්‍රකාශ වීම පිළිබඳව සතුටු වීමි.
රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත්, එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළෙමි.
රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කරමින් එම කටයුතුවලදී සහ පසුගිය දිට්වා සුළිකුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කරමින් ඒ පිළිබඳව ස්තූතිය පළ කළෙමි.