ලේලන්ඩ්, ටාටා බස් වෙනුවට චීනෙන් ගෙන්නන ෆෝටොන් බස් එකක් ලක්ෂ 60ක් වැඩියි – චාමර සම්පත් කියයි

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සඳහා නව බස් රථ ආනයනය කිරීමට රජය ගන්නා උත්සාහයන් පිටුපස දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සහ හොරකමක් පවතින බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි

මෙරට පොදු ප්‍රවාහනය සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන ලේලන්ඩ් (Leyland) සහ ටාටා (Tata) බස් රථ වෙනුවට, චීනයේ නිෂ්පාදිත ‘ෆෝටෝන්’ (Foton) නමැති බස් රථ වර්ගයක් ගෙන එන බව සදහන් කළ ඔහු වත්මන් පාලනය යටතේ “අහුවෙච්ච අහුවෙච්ච හැම තැනකින්ම” මුදල් වංචා කරන සහ හොරකම් කරන වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *