විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පිළිබඳව ඔහුගේ බිරිය වන මනෝරි සලේ මහත්මිය විසින් ඉදිරිපත් කළ ආයාචනය පිළිබඳව අවධානය යොමු කර සුදුසු සහනයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්රී ඤාණරතන නාහිමියෝ ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇත.
අස්ගිරි නාහිමි ජනපති වෙත යැවූ ලිපිය මෙසේය.
විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පිළිබඳ එස්. බී. එම්. එස්. බී. සලේ මහත්මිය විසින් ඉදිරිපත් කළ ආයාචනයයි.
2026.06.08 වැනි දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වූ එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය අස්ගිරි මහා විහාරයට පැමිණ මා හමුවී ආයාචනයක් ඉදිරිපත් කර සිටිමින් තම ස්වාමියා හට සහනයක් ලබාදීමට සහාය වන ලෙස ඉල්ලීමක් කළාය. ඔබතුමාට යොමු කොට ඇති එම ආයාචනයේ පිටපතක් මෙම ලිපියට ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරමි.
එම ආයාචනය ඔබතුමාගේ අවධානයට යොමු කොට සුදුසු ලෙස සහනදායි කටයුත්තක් ඉටු කර දෙන ලෙස කරුණාධ්යාසයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.