ලෝකු ශූර නවසීලන්තය පරාජය කරමින් නිලක්ෂිකාගේ සටන්කාමී ඉනිම ශ්‍රි ලංකාවට ජය ගෙනෙයි

2‍026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය.

නවසීලන්ත ඉනිමේදී මෙලී කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් ලබා ගත් අතර, මැඩි ග්‍රීන් ලකුණු 18ක් එක් කළාය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කවිෂ්කා දිල්හාරි කඩුලු 2ක් දවාගත් අතර, මිහිරි අයෝධ්‍යා, කව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ නිමාෂා මේගපගේ එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේදී නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාව ඉටු කළාය. නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ලබාගත් අතර, විශ්මි ගුණරත්න ලකුණු 17ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 5ක් සහ හසිනි පෙරේරා ලකුණු 2ක් ලබා ගත්හ.

කවිෂා දිල්හාරි නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් නිලක්ෂි ද සිල්වා සමඟ එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියාය.

නවසීලන්ත පන්දු යැවීමේදී බෲක් හලිඩේ සහ ජෙස් කර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *