ආසියානු බැංකුවෙන් අමතර ඩොලර් මිලියන 200ක් ලංකාවට ලබාදීමට තීරණය කරයි

ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ලබාදෙන ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් යටතේ, වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 380ක මුදලක් ලබා ගැනීමට 2026 මාර්තු මස 16 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි. එම මූල්‍ය සැලසුම යටතේ Òවෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ – උප වැඩසටහන 1Ó වෙනුවෙන් වෙන් කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100කි.

කෙසේ වුවද, වත්මන් මැදපෙරදිග අර්බුදය හා දේශගුණික කම්පන හේතුවෙන් පැන නැඟිය හැකි ආර්ථික අවිනිශ්චිතතාවන්ට මුහුණදීම සඳහා, අදාළ උප වැඩසටහන යටතේ වන ණය මුදල තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100කින් ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. ඒ අනුව, එම වැඩසටහන වෙනුවෙන් ලැබෙන සමස්ත මූල්‍ය සහය අමෙරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා වැඩි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *