සුගීශ්වර කියන්නේ හොඳ සිංහල බෞද්ධයෙක්,රට පුරා​ම සුගීශ්වර වෙනුවෙන් බෝධි පූජා තියන්න – භික්ෂුන් ඉල්ලයි

සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර භාරයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මැදිහත් වෙමින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

එහිදී මාධ්‍ය හමුව අභ්‍යන්තරයේදීම පිරිත් සජ්ඣායනා කරමින් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට ද උන්වහන්සේලා පියවර ගත්හ.

සුගීෂ්වර බණ්ඩාර මහතා යනු ශාසනයට සහ රටට හිතැති, සැබෑ ගුණගරුක සිංහල බෞද්ධයෙකු බව උන්වහන්සේලා අවධාරණය කර සිටින අතර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ඒ මහතාට මුහුණ දීමට සිදුව ඇති අසීරු තත්ත්වයෙන් මිදීම සහ ඔහුට ආශිර්වාද සලසා දීම වෙනුවෙන් රට පුරා විසිරී ඇති විහාරස්ථානවල බෝධි පූජා පින්කම් සංවිධානය කරන ලෙස උන්වහන්සේලා සමස්ත බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *