ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ.
මෙම හමුව සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටලුව මෙහිදී ප්රමුඛව සාකච්ඡාවට ගනු ඇති බවය.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට පටහැනි බව සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබඳව සාකච්ඡා වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිය අප්‍රේල් මසදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත් කරනු ලැබීය.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ක්‍රිකට් ආරංචි මාර්ග අනුව පසුගිය සතියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා වෙත ලිපියක් යවා ඇති බවය.
ලිපියේ අන්තර්ගතය මෙතෙක් ප්‍රසිද්ධියට පත්වී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්රජාතන්ත්රවාදී මැතිවරණ ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර ඇති බවත් මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දින නියමයක් නොමැතිව කාලයක් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අපේක්ෂා කර තිබුණි.