ඊයේ දිනයේ දී, ඒකාබද්ධ විපක්ෂය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වුණා.එහිදී රට වැසියා තුළ රජය කෙරෙහි වර්ධනය වන දැඩි කණස්සල්ල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ අවධානයට යොමු කිරීමට කටයුතු කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසා තිබෙනවා.
කවරෙකුගෙන් ණය ගත්තද, අවසානයේ දී ණය ගෙවිය යුත්තේ පොදුවේ රටේ මහජනතාව බවත්, ලබා ගත් ණය මුදල් ආරක්ෂා කිරීමට රජය අපොහොසත්ව තිබීම ජනතාවගේ කණස්සල්ලට හේතු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා පවසනවා.
ආර්ථිකය ස්ථායිකරණය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය අගය කරන ඒකාබද්ධ විපක්ෂය, රජය, මහජනතාවගෙන් ලබා ගන්නා අධික බදු මුදල් අකාර්ශයක්ම ලෙස පරිපාලනය කරන බවත්, ඇතැම් විට ඒවා සම්පූර්ණයෙන්ම නාස්ති කරන බවත්, චෝදනා කරයි. මේ තත්ත්වය කිසිසේත්ම පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසයි.
ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දී සිදුව ඇති අක්‍රමිතා පිළිබදවත්, බැරලයකට ඩොලර් 286 ක පමණ අධික මුදලක් වැය කර ඉන්ධන මිලදී ගැනීම පිළිබදවදත් ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කර ති බෙනවා.
ඊ වීසා ටෙන්ඩරය සම්බන්ධයෙන් මත-ුව තිබෙන ආන්දෝලනය පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කර තිබෙන ඒකාබද්ධ විපක්ෂය, ඊට අමතරව, වාහන රේගු බදු වැඩි කිරීමට පෙර, රජය, ඒ පිළිබද තොරතුරු සිය හිත මිතුරු ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති බවටද චෝදනා කරනවා.
ඊට අමතරව, රතු ලේබල් සහිත බහාලුම් 323 ක් මුදා හැරීමේ සිදු විමත්, මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථානගත වීමේ සිදුවීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වාර්තා කර තිබෙනවා.