රඳවා තැබීමේ නියෝග මත සිටියදී රෝහල්ගත කළ සුරේෂ් සලේ වර්ජනය කර ඇත්තේ මුඛයෙන් ආහාර ගැනීම පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද මගින් ආහාර ලබා ගැනීම සුරේෂ් සලේ ප්‍රතික්ෂේප කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එසේ නොමැතිව මෙතෙක් කල් කිසිවෙකුට නිරාහාරව ජීවත්විය නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සිදුකරන මෙම උත්සාහය පලක් නොමැති ක්‍රියාවක් බවයි.