බැසිල් රාජපක්ෂ ලංකාවට ගෙන්න ජාත්‍යන්තර සහාය ගන්න යයි

සංචාරක ප්‍රවර්ධන අධිකාරියට අයත් රුපියල් ලක්ෂ 78 ක මුදලක් අවභාවිතා කිරීම සහ හෙළි කළ නොහැකි මූලාශ්‍ර හරහා උපයා ගත් ධනයෙන් මාතර බ්‍රවුන්ස්හිල් හී අක්කර එක හමාරක ඉඩමක් මිල දී ගැනීම යන නඩු සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් අද නිකුත්ව තිබෙන අයිලන්ඩ් පුවත්පත පවසන්නේ, මෙහිදී ජාත්‍යන්තර පොලිස් සහාය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුව සහ පොලිසිය පියවර ගනිමින් සිටින බවයි.

මෑතක දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද පවසා තිබුණේ, විදෙස්ගතව සිටිනක සංවිධානාත්මක අපරාධ කරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අනුගමනය කරන ක්‍රියා පිළිවෙලම, නඩුවලට පෙනී නොසිට රටින් පලා ගොස් සැගවී සිටින දේශපාලනඥයන්ට එරෙහිවද භාවිතා කිරීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *