වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස 21 ක් ගතව ඇතත්, තවමත් සිදු කරන ලද දෙයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව, රටේ මෙතරම් ගැටලු තිබියදී ‘පාස්කු මළමිනිය’ තවමත් විකුණමින් ඇති බවත්, පල්ලියෙන් මෙන්ම ආණ්ඩුවෙන් ද එය විකුණමින් සිටින බවයි ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
සිය ආණ්ඩුව පැවති කාලයේ එයට නීතිය ක්‍රියාත්මක කළ අතර, මහ මොළකාරයෙක් ඇත්තටම සිටිනවා නම් සොයාගත යුතු බව තමන්ද පවසන බවත්, ඒ සඳහා පොලීසියට ස්වාධීන විමර්ශකයන් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් කවුරුන් හෝ සිටින බවට පල්ලිය විශ්වාස කරන්නේ නම්, එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවත්, චෝදනා ඇති ශානි හා රවී යන නිලධාරින් ඉවත් කර, ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉඩ දිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.