දයා ගමගේට අයත් දේපල ගැන තීන්දුව මහජන මුදල් අයකර ගැනීමට තැබූ සාධනීය පියවරක් – මන්ත්‍රී රාසමානික්කම් කියයි

දයා සමූහ ව්‍යාපාරයට (Daya Group) සහ දයා ඇපරල් (Daya Apparel) ආයතනයට අයත් උකස් තබා ඇති දේපළ වෙන්දේසි කර, ඇමරිකානු ඩොලර් මිලියන 1.42ක මුදලක් අයකර ගැනීමට මහජන බැංකුවට ඇති අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතාගේ ඇගයීමට ලක්ව තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙය මහජන මුදල් නැවත ලබා ගැනීම වෙනුවෙන් තැබූ ඉතා වැදගත් පියවරක් බවයි.

දේශපාලන සබඳතා ඇති මහා පරිමාණ ණයකරුවන් දිගුකාලීනව ණය පැහැර හරිමින් වත්කම් භුක්ති විඳින අතරතුර, සාමාන්‍ය ජනතාව සුළු ණය මුදලක් පැහැර හැරියද ඔවුන්ගෙන් කඩිනමින් ණය අයකර ගැනීමට කටයුතු කරන ආකාරය මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම, 2021 වසරේදී රුපියල් බිලියන 54ක අක්‍රිය ණය පිළිබඳ තොරතුරු තමන් විසින් අනාවරණය කළ බවද ඔහු සිහිපත් කළේය.

රටේ නීතිය සහ වගවීම සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ රාසමාණික්කම් මහතා, රාජ්‍ය බැංකු සතු මෙම මුදල් සමස්ත මහජනතාවට අයිති මුදල් බවත්, ඒවා සුරැකීම අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *