අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඉන්ධනවලට අය කරලා තියෙන්නේ හෙන ගහන බදු – පාඨලී චම්පික රණවක

දින 35කට වැඩි කාලයක් සඳහා තමන් සතුව තෙල් තොග ඇති බවට තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළ පසුබිමක, ක්ෂණිකව තෙල් මිල වැඩි කිරීම නිසා ගබඩාවල තිබුණු තෙල් තොගවලට ලැබුණු අතිරේක ලාභය කොපමණ ද යන්න ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව, එය ගබඩාවල තිබූ ඉන්ධනවලට ලබාගත් කප්පමක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 600කට වැඩි බවට තමන් තක්සේරු කරන බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පරණ ඉන්ධන තොගවලට මිල අඩු කළ නොහැකි බවට දැන් රජය ප්‍රකාශ කරන බවත්, නමුත් ඔවුන්ට පැරණි තොගවලට මිල වැඩි කිරීමේ හැකියාව තිබූ බවත්, මෙය ජනතාව ගසාකෑමක් බවත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඉන්ධන සඳහා ‘හෙන ගහන බදු’ අය කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම ආණ්ඩුව ගල්අඟුරු නැව් 30 ක් වංචා කිරීම නිසා දිනකට ඩොලර් මිලියන 2 ක් පමණ පුච්චා දමන බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *