වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ ජනතාව දරන අදහසම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළා.
රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමක් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එයට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන්ගෙන් සෑමදාම පළිගත් බවයි.