මේ වන විට ලෝකයේ ඇති වේගවත්ම රුධිර විද්‍යා විශ්ලේෂණ (Hematology analyzer) යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලේ රක්තවේද පරීක්ෂණාගාර පරිශ්‍රයේ පසුගිය 20දා ස්ථාපිත කෙරිණි.
ලොව නවීන තාක්ෂණයෙන් යුත් මේ යන්ත්‍රයෙන් එක් පැයකදී ඩෙංගු රුධිර පරීක්ෂණ 200ක් සිදු කිරීමේ හැකියාව පවතින අතර මේ උපකරණය මයින්ඩ්රේ සමාගමේ ස්වීය තාක්ෂණය වන එස්.එප්. ඝනක තාක්ෂණයෙන්ද සමන්විත වෙයි. එම ත්‍රිමාන විශ්ලේෂණ ක්‍රමය මඟින් කැඩී බිඳී ගිය රතු රුධිර සෛල රුධිරයේ ඇති මේද අංශු සහ ghost region හේතුවෙන් ඇතිවන බාධා මඟහරවා පරීක්ෂණ ප්‍රතිඵල නිරවද්‍යතාව සහතික කරයි.
කොටස් 7ක රුධිර විශ්ලේෂකයක් ලෙස මෙහි නොමේරූ පට්ටිකා භාගය නමැති පරාමිතියක්ද ඇතුළත් වේ. එමගින් රුධිරයේ අලුතින් නිපදවන නොමේරූ ජාලාකාර පට්ටිකාවල ප්‍රතිශතය නියමාකාරව මනී. ඩෙංගු රෝගී සත්කාරයේදී මෙය ඉතා විශ්වාසදායක පුරෝකථන දර්ශකයක් ලෙස ක්‍රියා කරයි. එය අස්ථි ඇටමිදුලුවල ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන බැවින් වෛද්‍යවරුන්ට පට්ටිකා ගණන යථා තත්ත්වයට පත්වීම කල්තියා පුරෝකථනය කිරීමටත්, අනවශ්‍ය ලෙස පූර්ව ආරක්ෂක පට්ටිකා පාරවිලයනය කිරීමෙන් වැළකීමටත් හැකියාව ලැබේ.
මේ විශ්ලේෂණ යන්ත්‍රයේ පට්ටිකා වෙන් කිරීමේ හා නැවත එකතුවීම වැළැක්වීමේ තාක්ෂණ පහසුකම්ද ඇත. එමගින් ඩෙංගු රෝග කළමනාකරණයේදී ඉතා තීරණාත්මක වන පට්ටිකා ගණන අතිශයින් නිවැරදිව ලබාගත හැකිය.
මේ අවස්ථාවට සහභාගි වූ මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කියා සිටියේ වර්තමානයේ මහනුවර ජාතික රෝහලේ පවතින යන්ත්‍රයෙන් පැයකට ඩෙංගු රුධිර සාම්පල 90 – 100 අතර සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමේ හැකියාව තිබුණද මේ නව විශ්ලේෂණය පැයකට රුධිර සාම්පල් 200ක් පරීක්ෂා කිරීමේ පහසුකම ඇති බවයි. ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 10ක් පමණ වටිනාකමින් යුත් මේ යන්ත්‍රය මහනුවර ජාතික රෝහලට ලබාදීම වඩාත් වැදගත් වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, බයෝ මෙඩිකා ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.