හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ සිදුවීමේදී, තමා විරුද්ධ වන්නේ ඔහුට නින්දිත අයුරින් සැලකීමට එරෙහිව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව, ඔහුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට විරෝධතාවක් නොමැති බවයි දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
පාස්කු ප්‍රහාරයෙන් 269කට ආසන්න ප්‍රමාණයක් මිය ගිය බවත්, එහෙත් එම කිසිදු ආගමික ස්ථානයක පූජකවරයෙක් මිය නොගිය බවත්, එය ප්‍රශ්නාර්ථයක් බවත් එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.
එසේම, සුරේෂ් සලේ යනු බුද්ධි අංශයේ හිටපු ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් බව ද, ඇතැම් විට ඔහුට විරුද්ධව අවලාද නඟන සමහර පියතුමන්ලාට වඩා වැඩි සේවයක් ඔහු රටට සිදු කළ බවද ඔහු සඳහන් කළා.
නමුත්, ඔහු වරදක් හෝ අපරාධයක් සිදු කර ඇත්නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස තමන් ප්‍රකාශ නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.