1990 සුවසැරිය සේවය හා සම්බන්ධව සිටින හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන්ට (Emergency Medical Technician) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දී තිබේ.
මෙම ඩිප්ලෝමා පාඨමාලාව “පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව” (Diploma in Paramedical Sciences for Emergency Medical Technicians) ලෙස හදුන්වයි.
මෙය සය මාසික පාඨමාලාවකි.
මෙම පාඨමාලාව හැදෑරීම සදහා පළමු අදියරේ දී සුවසැරිය හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් තිස් දෙනෙකු බදවාගෙන තිබේ